119ට ඇමතුමක් දී පොලිසිය ගෙන්වා පොලිස් නිලධාරීන්ට පහර දුන් පුද්ගලයා

0
Attack for Police Officers - 119ට ඇමතුමක් දී පොලිසිය ගෙන්වා පොලිස් නිලධාරීන්ට පහර දුන් පුද්ගලයා
නීති විරෝධි ආයුධයක් සන්තකයේ තබාගෙන සිටිනවා යැයි 119ට පැමිණිල්ලක් කර පොලිසිය ගෙන්වා එම ජීප් රථයට පහර දී පොලිස් රියැදුරුට තුවාල කිරීමේ සිද්ධියක් අයගම කන්දවත්ත ප‍්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (22) අළුයම 119 ලැබුණු පැමිණිල්ලට අනුව මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ අයගම පොලිසියේ නිලධාරීන් පිරිසක්.

ඒ අනුව පොලිස් රියැදුරුවරයා ප‍්‍රතිකාර සඳහා අයගම රෝහලට ඇතුළත් කළ බව අයගම පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසනවා.

ඉකුත් 21 වෙනිදා නීති විරෝධී මත් පැන් ළඟ තබා ගැනීම හේතුවෙන් මෙම ප‍්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබෙනවා.

එම පුද්ගලයා මෙසේ 119 ට බොරු පැමිණිල්ලක් කර පොලිස් නිලධාරීන් ගෙන්වා මෙම පහරදීම සැලසුම් කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.

සිද්ධිය වු ස්ථානයේ පාවහන් යුගලක්ද පොලීසිය සොයාගෙන තිබෙන අතර මේ වන විට ඉහත සැකකරු ප‍්‍රදේශයෙන් අතුරුදහන්ව සිටින බවයි වාර්තා වන්නේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.