කොල්ලුපිටියේ පහරදීම සම්බන්ධයෙන් පොලීසියෙන් සොයන සැකකාරිය

0
Police Seeking a Women - කොල්ලුපිටියේ පහරදීම සම්බන්ධයෙන් පොලීසියෙන් සොයන සැකකාරිය

කොල්ලුපිටියේදි සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් තීරෝද රතයක රියදුරු මිය යාමෙන් අනතුරුව එම මෝටර් රථයේ පැමිණි කාන්තාවකට අමානුෂික ලෙස මහ මඟ දමා ගෙන පහර දුන් බව කියන ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා මහජන  හාය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය

මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධ පෞද්ගලික සනීපාරක්ෂක සේවාවක කාන්තාවන් දෙදෙනෙක් ඉකුත් 10 වැනිදින අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයි  මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

පොලීසියේ විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය කාන්තාවගේ ඡායාරූපයක්ද පොලිසිය විසින් මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

එම කාන්තාව සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම්

සහකාර පොලිස් අධිකාරි ( කොළඹ දකුණ) – 0718591578

ස්ථානාධිපති කොල්ලුපිටිය – 0718591579

රථවාහන අංශයේ ස්ථානාධිපති කොල්ලුපිටිය – 0718594455

දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලීසිය පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.