පැරණි කොන්තරේට වෘෂණ කෝෂය කපලා

0
Attack to Testicle - පැරණි කොන්තරේට වෘෂණ කෝෂය කපලා

පැරණි කොන්තරයක් ඇවිස්සීමෙන් කුපිත වූ පුද්ගලයෙකු සිය අතෙහි තිබූ තියුණූ ආයුධයකින් අනෙකාගේ වෘෂණ කෝෂය කැපීමේ පුවතක් වාර්තා වේ.

ඒ හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා ඊයේ (13) රාත්‍රියේ රෝබේරිය ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.

පිටමාරුව සූරියගොල්ල ගම්මානයේ පදිංචි වයස අවුරුදු 41 ක අවිවාහක පුද්ගලයෙක් මෙම සිද්ධියට මුහුණ පා ඇත.

කිසියම් කටයුත්තක් සඳහා තම වත්තට ගොස් ආපසු එමින් සිටියදී රාත්‍රී 08.30 ට පමණ මග රැක සිටි තමුන් දන්නා හඳුනන පුද්ගලයෙකු විසින් සරම ගලවා අතෙහි වූ පිහියකින් වෘෂණ කෝෂය කපා තුවාල සිදුකල බව තුවාලකරු පවසා ඇත.

කැපුම් තුවාල ලැබූ පුද්ගලයා ඔහුගේ ඥාතීන් විසින් රෝහලට ඇතුළත් කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තුරුත් කිසිවෙකුත් පොලීසිය වෙත පැමිණිලි කර නොමැති අතර රෝහල මගින් පොලිසිය වෙත දැනුම් දී තිබුණි.