රනිල්ට අද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

0
Ranil Wickramasinghe - රනිල්ට අද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

කලක් රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතෙකු වූ සජින් වාස් ගුණවර්ධන මහතාට අයත් බත්තරමුල්ලේ පිහිටි නව නිවසේදී මෙරට දේශපාලනයේ සුවිශේෂ පුද්ගලයෙකු වෙනුවෙන් මේ වනවිට රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් වෙමින් තිබෙනවා. ඒ සුවිශේෂී පුද්ගලයා අන් කවරෙකුවත් නොවන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතායි.

මෙම විශේෂ භෝජන සංග්‍රහය සඳහා සමගි ජල බලවේගයේ ප්‍රබල චරිතයක්ද සහභාගිවීමට බොහෝදුරට ඉඩ තිබෙන බවයි අපවෙත වාර්තා වූයේ. ඒ අන් කවරෙකුවත් නොව රටේ නායකත්වය පිළිබඳව සිහින දකිමින් සිටින පාඨලී චම්පික රණවක මහතායි.

සමගි ජන බලවේගය දෙකඩ කර මන්ත්‍රීවරුන් පිරිසක් යළි එජාපයට සම්බන්ධ කර ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කර ඇති අතර රනිල්-පාඨලී හමුව එම මෙහෙයුමේ තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇති බවයි වාර්තා වන්නේ. එජාපයේ අරමුණ වී තිබෙන්නේ සජබයේ දෙවැනි පෙළ නායකත්වයේ ඉදිරියෙන්ම සිටින සරත් ෆොන්සේකා මහතා සහ චම්පික රණවක මහතා අතර විරසකයක් ඇති කිරීමයි. ඒ හරහා පක්ෂය තුළ අර්බුද නිර්මාණය කිරීම රනිල් ප්‍රමුඛ එජාපයේ උත්සාහය වී තිබේ.

සජින් වාස් ගුණවර්ධන මහතා මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතාගේ විස්වාසවන්තම සමීපතමයෙකු වී ඇති අතර ඉදිරි මහ මැතිවරණයේදී ඔහු එජාපයෙන් බදුල්ල දිස්ත්‍රික්කයට තරග කිරීමේ සූදානමක සිටී.

සජින් වාස් මහතා ගාල්ල අතහැර බදුල්ලට ගොස් තිබෙන්නේ එජාප සභාපති වජිර අබේවර්ධන මහතාගේ විරෝධය හේතුවෙනි. වජිර අබේවර්ධන මහතාද එජාප නායකයාගේ සමීපතමයෙකු වන අතර දෙදෙනා විරසක නොකර සජින් වාස් බදුල්ලට දැමීමට එජාප නායකයා පියවර ගෙන තිබේ.

අද රාත්‍රී භෝජන සංග්‍රහ‍යේ වැඩි විස්තර සහ ප්‍රතිඵල ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

(lanka news web වෙබ් අඩවිය ඇසුරිනි)