ජනාධිපති යළි දිවයිනට

0

යළි දිවයිනට

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපතිවරයා ඊයේ (21) රාත්‍රියේ ශ්‍රිලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි බව අද දෙරණ ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කරයි.

ජනාධිපතිවරයා සමඟ ඉන්දීය නිල සංචාරයට එක්වූ දූත පිරිසද දිවයිනට පැමිණ ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේ නිරත වූ  අතර, සංචාරය තුළදී දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරීත්ව දැක්මක් ද එළි දැක්විණි.