ගඟේ නාන්න ගිය සීයයි මුණුපුරෝ දෙදෙනායි දියේ ගිලී අතුරුදහන්

0
කොස්ගොඩ දූවේමෝදර ගගේ දිය නෑමට ගිය සීයා හා හය හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනකු මීට ස්වල්ප වේලාවකට පෙර ගසාගෙන ගොස් දියේ ගිලී අතුරුදහන්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.

අතුරුදහන් නිවුන් පිරිමි දරුවන් දෙදෙනා සය හැවිරිදි බවත් ඔවුන්ගේ සීයා හැට දෙහැවිරිදි බවත් පොලීසිය කියයි.

ඔවුන් තිදෙනාම කොස්ගොඩ පදිංචිකරුවන් බවද පොලිසීය කියයි.