Online මුදල් උපයන අයට බැංකු ණය

0
Online Money - Online මුදල් උපයන අයට බැංකු ණය

සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාලය ඔස්සේ ආදායම් උපදවන මෙරට නිර්මාණකරුවන්ට ඉදිරියට යාමට අවශ්‍ය ව්‍යාපාර බැංකු ණය පහසුකම් ලබාදෙන වැඩපිළිවෙලක් සකස් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

කොළඹ ව්‍යාපාරික සංගමයේ මාර්ගගත ඩිජිටල් වෙළඳපොළ ක්‍රමය One mart App, Dizcard Businesses කාඩ්පත සහ Around.lk ඩිජිටල් නාමාවලිය හඳුන්වාදෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කොළඹ රාමඩා හෝටලයේ දී මේ බව සඳහන් කළේය.

ඔන්ලයින් ව්‍යාපාර කරන බවට ප්‍රකාශ කළ ද එවැන්නක් බැංකුවට පැහැදිළි කිරීම අපහසු නිසා හොඳ පරිගණකයක් එසේත් නැතිනම් හොඳ ඩිවයිස් එකක් මිල දී ගැනීමට ණයක් බලාපොරොත්තුවන පුද්ගලයන් වුව ද අසරණ වී ඇති ඇතැයි පෙන්වා දුන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා රාජ්‍ය හා පෞද්ගලික බැංකු සමඟ සාකච්ඡා කර කඩිනම් වැඩපිළිවෙලක් ඒ වෙනුවෙන් සකස් කරන බව අවධාරණය කළේය.

මඩ ගහන්න, චරිත ඝාතනය කරන්න සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා මෙන් එය ධනාත්මක පැත්තට හැරෙව්වොත් විශාල සමාජ පෙරළියක් සමඟ දකුණු ආසියාවේ නිර්මාණාත්මක කේන්ද්‍රස්ථානය (ක්‍රියේටිව් හබ්) බවට ශ්‍රී ලංකාව පත් වෙනවා යැයි ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විශ්වාසය පළ කළේය.

(lankacnews.com වෙබ් අඩවිය ඇසුරිනි)