ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජිකයන් විශාල පිරිසක් ජනාධිපති රනිල් වික්රමසිංහ සමග සාකච්ඡාවක යෙදුනා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජයරාම නිල නිවසේ පැවති දේශපාලන මණ්ඩලය සාකච්ඡාවට සහභාගි වීමෙන් අනතුරුව මෙම පිරිස ජනාධිපතිවරයාගේ නිවසට ගොස් ඇත.
එම සාකච්චාවේදී ඔවුන් සහතික කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයේ තීරණය කුමක් වුවද තමන් ජනාධිපතිවරයාට සහාය දෙන බවයි.
මෙම පිරිසට හතළිස් දෙනකු පමණ සිටින බවද වාර්තාකරුවන් කියා සිටිති.
2024 ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙක්
2024 ජනාධිපතිවරණය සඳහා තම පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ (29) පස්වරුවේ තීන්දු කළේය.
එම යෝජනාව සඳහා පොදුජන පෙරෙමුණේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 11 දෙනෙකු විරුද්ධ වී ඇතැයි වාර්තා වෙයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ අද (29) පස්වරුවේ පැවති රැස්වීම සඳහා එහි සාමාජිකයින් 72ක් සහභාගී වී තිබේ.
2024 ජනාධිපතිවරණයට තම පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සඳහා පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් විසින් යෝජනා කර ඇත.
එම යෝජනාවට පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 61 දෙනෙකු පක්ෂ වී ඇති අතර 11 දෙනෙකු ඊට විරුද්ධවී තිබේ.
මේ අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න අගෝස්තු පස් වනදා හෝ හය වනදා ප්රකාශ කරන බව වාර්තා වෙයි.
සහභාගී වී ඇත්තේ එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 16 දෙනෙකු පමණයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමට ඊයේ (29) සහභාගී වී ඇත්තේ එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 16 දෙනෙකු පමණක් බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.
මෙවර ජනාධිපතිවරණයට ශ්රී ලංකා පොදුජන පෙරමුණේන් අපේක්ෂකයකු ඉදිරිපත් කළයුතු බවට වන යෝජනාව දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි.
එම යෝජනාවට විරැද්ධව සහභාගී වූ මන්ත්රීවරුන් 11 දෙනෙකුම විරැද්ධව ඡන්දය ප්රකාශ කර තිබේ.
දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 16 දෙනා හැරැණු විට දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වූ බොහෝදෙනා විවිධ සංවිධාන මට්ටමින් ගෙන්වූ අය බවයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු නොවන මහර ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිනියගේ දියණිය පවා අද පැවති දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වී ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.
කෙසේවෙතත් දේශපාලන මණ්ඩල රැස්වීමේදී පොහොට්ටුවෙ ජනාධිපති අපේක්ෂකධූරය බළාපොරොත්තුවෙන් සිටි ධම්මික පෙරේරා මහතාගේ නමක් ගැන සඳහන් නොවීම විශේෂත්වයකි.
එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ මෙය පක්ෂයේ තීරණය බවට එයට සියලුම දෙනා එකග විය යුතු බවත්ය.
නාමල් රාජපක්ෂට එරෙහිව ඇමති බන්දුල ගුණවර්ධනගෙන් පොලීසියට පැමිණිල්ලක්
තමනට කිසිදු දැනුම් දීමක් නොකර හෝමාගම පොහොට්ටු රැස්වීමක් සංවිධානය කලැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඇමති බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
එම පැමිණිල්ලේ දක්වා ඇත්තේ නාමල් රාජපක්ෂ මහතා පක්ෂ විනය කඩකර ඇති බවය.
නමුත් මෙහිදී පොලිසිය පවසා ඇත්තේ එවැනි කරුණු සදහා පොලිසියට ක්රියාත්මක විය නොහැකි බවය.
මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් මේ පිලිබදව විමසූ විට ඔහු පැවසුවේ හිටපු පළාත් සභා මන්ත්රී ජනක වැලිවත්ත මහතාගේ ආරාධනය පරිදි ඔහුගේ නිවසට පැමිණි බවත් ඒ අනුව එහි තේ පැන් සංග්රහයකටද සහභාගී වූ බවත්ය.
පාක්ෂිකයින් රැසක් තමා හමුවීමට පැමිණි බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
බන්දුල ගුණවර්ධන පසුගිය කාලයේදීම නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයට හෝ පැමිණ නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.