පියා වෙනුවෙන් ජනතාව ලබාදුන් 69 ලක්‍ෂයක ජනවරම ආරක්ෂා කිරීමේ අයිතිය නාමල්ට

0

69 ලක්‍ෂයක ජනවරම

තම පියා වෙනුවෙන් ජනතාව ලබාදුන් 69 ලක්‍ෂයක ජනවරම ජනතාව වෙනුවෙන් ඒ ජනවරම ආරක්ෂා කිරීමේ අයිතියක් තමන්ට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ නිසා තමන් ඒ වෙනුවෙන් පෙනී සිටින බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන්ට අමාත්‍යධූර දීමේ වැරැද්දක් නැති බවත් ඒ පිළිබඳව තීරණය ජනාධිපති වරයා විසින් ගත යුතුව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් තමන් අමාත්‍ය ධුරයක් බාර ගැනීමට කිසිදු කැමැත්තක් නැතැයිද ඒ මහතා පැවසුවේය.

ඒ බව තමන් වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළින් තෝරාපත් කර ගත් දිනයේම පැවසූ බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.