බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණීම අපිටත් උත්තේජනයක් – S.M චන්ද්‍රසේන

0
S.M. Chandrasena බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණීම අපිටත් උත්තේජනයක් - S.M චන්ද්‍රසේන
ලබන 08 වැනිදා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිත බව මීට දින කිහිපයකට පෙර මාධ්‍ය වාර්තා කළේය. මේ වනවිට රටේ ප්‍රධාන මාතෘකාවක් වී තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමයි. කෙසේ නමුත් මේ දක්වා බැසිල් රාජපක්ෂ මහතා හෝ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඒ පිළිබඳව නිශ්චිතව කිසිවක් පවසා නොමැත.

බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ සිට මෙරටට පැමිණීමෙන් අනතුරුව තවමත් නිරෝධායනය වෙමින් සිටින අතර ඔහුගේ නිරෝධායන කාලසීමාව අවසන්වීමට නියමිතව තිබෙන්නෙ ජුලි 06 වැනිදායි.

අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම්, ඔහු කැබිනට් ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ නම් එය ආණ්ඩුවට, පොදුජන පෙරමුණට පමණක් නොව සමස්ත රටටම අලුත් උත්තේජනයක් බවයි. ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ඔහු ලොකු ශක්තියක් වනු ඇති බවත් ඇමතිවරයා සඳහන් කරනවා.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවට පක්ෂයේ සියලු දෙනාගෙන්ම ඉල්ලීම් ලැබී ඇති බවත්, තමන් ඇතුලු කිහිප දෙනෙකු පසුගියදාද එම් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ බවත් චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුව ඉතා ඉක්මනින් ඔහු මන්ත්‍රීවරයෙකු දිවරුම් දී ඇමති තනතුරක්ද ලබා ගනු ඇති බවයි චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් පවසන්නේ.

(Lanka News Web වෙබ් අඩවිය ඇසුරිනි)