ඉදිරි දශක දෙක මේ රට බැසිල්ගේ

0

ඉදිරි දශක දෙක

ඉදිරි දශක දෙක ක කාලය මේ රට පාලනය කරන නායකයා පසුගිය මැයි දිනය දිනය දා පොදුජන පෙරමුණේ වේදිකාවට බෙර ගසා සක් හඬ මැදින් ගෙන ආව බව එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.

එම නායකයාගේ නම අකුරු තුනකින් තමන්ට කිව හැකි බවද හෙතෙම පැවසීය.

දැනට රාජ්‍ය ආරක්ෂා කිරීම සඳහා පොඩි කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇතත් නුදුරේදීම පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවන බවත් හෙතෙම සඳහන් කළේ ය.

නමුත් කුලප්පු වූ යූඑන්පී කාරයන් කිහිප දෙනෙකු තමන් සියලු ප්‍රශ්න විසදූ බවට කයිවාරු ගසමින් ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.