ආර්ථික බංකොලොත්භාවය සෙවීමට පත්කළ කමිටුවේ පළමු රැස්වීම අද

0

ආර්ථික බංකොලොත්භාවය

රට ආර්ථික බංකොලොත්භාවය වීමට හේතු සෙවීම සඳහා පත්කළ කමිටුව අද (18) පළමු වරට රැස්වීමට නියමිතව තිබේ.

එම රැස්වීම අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

එහිදී කමිටුවේ සාමාජිකයින් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට නියමිතය.

මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තිරණ ගත් පාර්ශව මෙන්ම ආර්ථිකය සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ හැකි උගතුන් කමිටුව වෙත කැඳවීමට නියමිත බව සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

එම කමිටුවේ සාමාජිකත්වයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ඉවත් වීමට පසුගියදා තීරණය කර තිබුණි.

මේ අතර අදාළ කමිටුවේ සභාපතිවරයා ලෙස සාගර කාරියවසම් මහතා පත්කීරීම පිළිගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

පෙර පැවති ආණ්ඩුව සමයේ ගත් වැරදි තීන්දු තීරණ හේතුවෙන් ආර්ථික අර්බුදය පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේය.