IPL තරගාවලිය තාවකාලික අත්හිටුවයි

0

පැතිර යන කොවිඩ් වසංගතය හේතුවෙන් ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය තාවකාලිකව අත්හිටුවන්නට තරඟ සංවිධායකයින් තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේ වනවිටත් තරඟාවලියට එක්ව සිටින කණ්ඩායම් කිහිපයක සාමාජිකයින් කිහිප දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම මීට හේතු වී තිබෙනවා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ කාර්රය මණ්ඩලයේ සමාජිකයින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගින් චෙන්නායි සියලුම ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ව නිරෝධායන සඳහා යොමු කරන්නට අද පියවර ගනු ලැබුවා.

කොවිඩ් ආසාදිතයින් අතරට චෙන්නායි කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු වන ඉන්දීය හිටපු ක්‍රීඩක ලක්ෂ්මිපති බාලාජි ද ඇතුළත් බවයි වාර්තා වන්නේ. මීට අමතරව ඊයේ කොල්කටා සහ බැංගලෝර් අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ තරඟය කල්දමන්නට ද තරඟ සංවිධායකයින් විසින් පියවර ගත්තේ කොල්කටා කණ්ඩායමේ වරුන් චක්‍රවර්තිට සහ සන්දීප් වොරියර්ට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගයි.