කොළඹට පැමිණෙන සංඛ්‍යාව වැඩිවෙමින් තිබියදී කොවිඩ් පාලනයක් බෑ – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

0
Travel restrictions - කොළඹට පැමිණෙන සංඛ්‍යාව වැඩිවෙමින් තිබියදී කොවිඩ් පාලනයක් බෑ
කොළඹ නගරයට හා තදාසන්න ප්‍රදේශවලට පැමිණෙන සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් තිබියදී සංචරණ සීමා පැනවීම හරහා කොවිඩ් වසංගත තත්වයේ පාලනයක් සිදුනොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

දිවයිනේ බොහොමයක් පෞද්ගලික ආයතන සදහා ආයතන ප්‍රධානීන් විසින් අත්‍යවශ්‍යය සේවා සදහා වන බලපත්‍ර ලබා ගැනීම මීට හේතුව බවයි සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පෙන්වා දෙන්නේ.

මහජනතාව සදහා සේවාවක් ක්‍රියාත්මක නොවන ආයතන බොහොමයක් මෙලෙස කාර්ය මණ්ඩල සදහා කැඳවා ඇති බවට වාර්තා වී ඇති බවද මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානයක් යොමුවිය යුතු බවයි මහේන්ද්‍ර බාලසුරිය මහතා පෙන්වා දෙන්නේ.