සංචරණ සීමා ඉවත් කළද පෙර පරිදි පළාත් සංචරණ සීමා සහ ජාතික හැඳුනුම්පත් අවසාන අංක ක්‍රමයට නිවෙසින් බැහැරවීම යනාදී සීමාවන් තවදුරටත් පැනවෙන බව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උපුටා දක්වමින් අද (11) පුවත්පත් වාර්තා කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් නිර්ණායකයන් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර ඇත්තේ.
රටේ පවතින තත්ත්වය විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කොට මෙම තීරණයන්ට එළැඹෙන බවත් හෙතෙම සඳහන් කරනවා.