එක් ආසනයක් තියාගෙන රනිල්ට අවශ්‍ය නම් ජනපති වෙන්නත් හැකියාව තිබෙනවා

0
Vajira abeywardena - එක් ආසනයක් තියාගෙන රනිල්ට අවශ්‍ය නම් ජනපති වෙන්නත් හැකියාව තිබෙනවා
ආසන හතළිහක් තබා ගෙන අගමැති වූ රනිල්ට අවශ්‍ය නම් දේශපාලන විද්‍යාවට අනුව එක ආසනයක් තබා ගෙන අගමැති වී පසුව ජනාධිපති වෙන්නටත් හැකියාව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

කෘතහස්ත දේශපාලනඥයකු වන රනිල් පාර්ලිමේන්තුවට යවන්නේ සියලුම දෙනා එකතු කරගෙන ගමනක් යෑම සඳහා බව ද අබෙිවර්ධන මහතා සඳහන් කරයි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මෙම මාධ්‍ය හමුවකදී වත්මන් ආපදා තත්ත්වය පිළිබඳව ද අදහස් පළ කරමින් වජිර අබේවර්ධන මහතා පවසයි.

මේ වන විට අප රටට ආපදා තත්ත්වයක් පැමිණ තිබුණත් රජය ඒ පිළිබඳ නිසි ක්‍රමවේදයකින් කටයුතු නොකිරීම නිසා 19 දෙනෙක් මිය ගිය බවයි. ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂය කණගාටුව ප්‍රකාශ කරන බවද අබෙිවර්ධන මහතා සඳහන් කරයි.