ඇෆ්ගනිස්තානයට එරෙහිව ඉන්දීය කණ්ඩායමට පහසු ජයක්

0
ඇෆ්ගනිස්තානයට එරෙහිව

ඇෆ්ගනිස්තානයට එරෙහිව අද පැවති තරගය කඩුලු 8කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක රෝහිත් ශර්මා පන්දු 84කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 16ක් සමග ලකුණු 131ක් රැස්කරගත්තේය.

විරාත් කෝලි නොදැවී ලකුණු 55ක් රැස්කරගනිමින් ඉන්දියාව ජයග්‍රහණය වෙත ගෙනගියේය.

පන්දු යැවීමේදී රෂීඩ් ඛාන් කඩුලු 2ක් දවාගත්තේය.

ඒ අනුව පන්දුවාර 35ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ඉන්දීය කණ්ඩායම ලකුණු 273ක් රැස්කරමින් තරගයේ ජය හිමිකරගත්තේය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 272ක් රැස්කළේය.