ඉදිරි රාජකාරි කටයුතුවලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙස අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අ/පාලන) විසින් සියලුම ආයතන ප්‍රධානීන් සහ අංශ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත.
චන්දන අබයරත්න ඇමැතිවරයාගේ නම මීට පෙර භාවිත කරනු ලැබුවේ මහාචාර්ය පදවිය ද සහිතවය.
එම අමාත්‍යාංශයේ වෙබ් අඩවියේද ඇමැතිවරයාගේ නම සඳහන් කර ඇත්තේ මහාචාර්ය චන්දන අබයරත්න ලෙසය.
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා විසින් ඊයේ (16 වැනිදා) නිකුත් කරන ලද LAD/EST/GA20/MIN/001 අංක දරන ලිපිය මගින් සඳහන් කර ඇත්තේ ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙසය.
කෙසේ වෙතත් මැතිවරණ සමය පුරාවට මෙන්ම ඊට පෙර ජාතික ජනබලවේගයේ වේදිකාවලද අමාත්‍යවරයාව මහාචාර්‍ය වරයෙක් ලෙස හැඳින්වූ අතර සමාජ මාධ්‍ය හරහා මෙන්ම සාම්ප්‍රධායික මාධ්‍ය තුලද එතුමන් මහාචාර්‍යවරයෙක් ලෙස හඳුන්වනු ලැබීය
නියෝජ්‍ය ඇමති කෙනෙක්ගේ පට්ටම ගැලවේ
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරන ටී, බී, සරත් මහතාද මැතිවරණ කාලසීමාව තුල සහ ඉන් පෙර ජාතික ජනබලවේග වේදිකාවල නීතීඥයෙකු ලෙස පෙනීසිටි අතර මුලින් පාර්ලිමේන්තු වෙබ් අඩවියේත් ජනාධිපති ලීකම් කාර්‍යාලය නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නාමලේකනය සහිතව නිකුත් කල මාධ්‍ය නිවේදනයේත් එතුමන් නීතීඥයෙකු ලෙස හඳුන්වා තිබූ නමුත් මේ වන විට පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ඔහු උසස්පෙළ විභාගය සමතෙක් පමණක් බව දක්වා ඇත.