රුසියාවේ කසාන් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක්

0
රුසියාවේ කසාන්

රුසියාවේ කසාන් නගරයට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබේ.

ඒ හේතුවෙන් කසාන් නගරය අවට ගුවන් තොටුපොළවල් කිහිපයක් වසා දමා ඇත.

මොස්කව් සිට 800km ක් පමණ දුරින් පිහිටි කසාන්හි නේවාසික සංකීර්ණ කිහිපයකට මෙලෙස ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූ බව රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

එරට ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, අද(21) උදෑසන කාලය තුළ ඩ්‍රෝන තරංග තුනකින් නගරයට ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

ප්‍රහාර එල්ල වූ ගොඩනැගිලිවලින් ජනතාව ඉවත් කිරීමේ කටයුතු කසාන්හී බලධාරීන් විසින් සිදු කර ඇත. 

එම ඩ්‍රෝන ප්‍රහාර යුක්‍රේනය විසින් සිදු කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසු නමුත් යුක්‍රේන බලධාරීන් තවමත් මේ පිළිබඳ ප්‍රකාශයක් සිදු කර නොමැත.

කසාන් නගරාධිපති කාර්යාලය පෙන්වා දෙන්නේ ඩ්‍රෝන යානා නගරයේ නේවාසිකගාර ප්‍රදේශ ඉලක්කය වී ඇති බවයි.