මහින්ද රාජපක්ෂ ගේ දුක සැප බලන පෝලිම අතුරුදන්

0

මහින්ද රාජපක්ෂ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා යන එන දේශපාලඥයන් පිරිස බොහෝ අඩු වී ඇති බව වාර්තා වෙයි.

විශ‍්‍රාමික ජනාධිපති නිල නිවසේ වැඩි වශයෙන් වාසය කරන ඒ මහතා බොහෝ විවේකී සුවයෙන් මේ දිනවල සිටියි.

ඔහුට ඇති දණහිස් හා කොන්දේ අසනීප තත්ත්වයන් මත වැඩි වශයෙන් විවේක ගැනීම සුදුසු බවට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත.

කෙසේ වෙතත් කලින් මහින්ද රාජපක්ෂ මහතා හමුවට ඉතා විශාල පිරිසක් දිනපතා පැමිණියද අද වන විට ඒ මහතා මුණ ගැසීමට දේශපාලඥයන් එන්නේ ඉතා මඳ වශයෙනි.

එමෙන්ම ඔහුට ලැබෙන ආරාධනා ද ඉතා සීමා වී ඇති අතර ප‍්‍රධාන දේශපාලන රැුස්වීම්ද පොදුජන පෙරමුණ විසින් සංවිධානය නොකරන තරම්ය.