එක්ව නැගිටිමු ජන රැලිය සඳහා මහින්ද නාවලපිටියට එයි.. නගරය උණුසුම් වෙයි…

0
Mahinda Rajapaksa - එක්ව නැගිටිමු ජන රැලිය සඳහා මහින්ද නාවලපිටියට එයි.. නගරය උණුසුම් වෙයි...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරනු ලබන ‘එක්ව නැගිටිමු’ ජන රැලි මාලාවේ දෙවැන්න අද (16) ආරම්භ වුණි.ඒ නාවලපිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රැස්වීම් ශාලාවේදියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගේ සම්බන්ධීකරණයෙන් මෙම රැලිය පැවැත්වෙනවා.

මේ සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල දේශපාලන නායකයින් රැසක් එක්වීමට නියමිතයි.

මේ අතර නාවලපිටියේ දී විරෝධතාවක් ද පැවැත්වෙන බව අප වාර්තාකරු සදහන් කළේය

එම නිසා නාවලපිටිය නගරයේ ආරක්ෂාව තර කර ඇති බවයි වාර්තාවෙන්නේ.