ඉල්ලා අස්නොවන බවට මැතිවරණ කොමිසමෙන් සහතිකයක්

0
Election Commission - ඉල්ලා අස්නොවන බවට මැතිවරණ කොමිසමෙන් සහතිකයක්

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු දැනට සිටින සෙසු සාමාජිකයින් කිසිදු අවස්ථාවක ඉවත්නොවන බවට තමන් වෙත දැනුම් දුන් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිසම සහ නිරීක්ෂකයින් අතර අද සාකච්ඡාවක් පැවැත්වුණා.

ඊට පැෆරල් සංවිධානය, ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය ඇතුළු තවත් නිරීක්ෂණ සංවිධාන කිහිපයක සාමාජිකයින් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

මේ අතර හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙකු වන මහින්ද දේශප්‍රියද මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මුහුණු පොතේ සටහනක් එක්කර තිබෙනවා.

ඔහු දක්වා ඇත්තේ කොමිෂන් සභාව ක්‍රියාත්මක වීමට සාමාජිකයන් තිදෙනෙකු සිටීම ප්‍රමාණවත් බවයි.