මැතිවරණ කොමිසම පක්ෂග්‍රාහීද ? ජාතික හෙද සමුළුවෙන් පසු සමාජයේ දැඩි කතිකාවතක්

0
මැතිවරණ කොමිසම

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මැතිවරණ ප්‍රචාරණ කටයුතු කෙරෙහි යම් යම් නියාමනයන් මැතිවරණ නීතිය තුල දැක්වෙනවා. එම නීති ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිසම බැඳී සිටින අතර ඔවුන්ගේ මූලිකම රාජකාරියක් ලෙසද එය දැක්වෙනවා.

පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්චාවකදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා රජයේ ක්‍රියාකාරකම් 30 ක් මැතිවරණ නීතියට අනුව නවතා දැමූ බව සඳහන් කලද මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්ණ කිරීම් හමුවේ එම තහනම් කල වැඩ 30 ගැන අනාවරණය කිරීමට අපොහොසත් උනා. නමුත් මැතිවරණ නීතිය සැමට සාධාරණ විය යුතු බවත් විනිවිද පෙනෙනා ලෙස මැතිවරණ නීතිය බලාත්මක සහ ක්‍රියාත්මක විය යුතු බවටත් ස්වාධීන ජනතාව අපේක්ෂා සහගතව පසුවනවා.

මැතිවරණ කොමිසම

තත්වය එසේ වුවත් ඊයේ (29) NPP මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියකට මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයට රජයේ හෙද නිලධාරීන් තම රාජකාරී නිල ඇඳුමෙන්ම සහභාගී වී සිටි අයුරු දක්නට ලැබුනු අතර ඒ වෙනුවෙන් ඔවුන්ට රාජකාරී නිවාඩුද අනුමත කර තිබුණා. ජාතික ජනබලවේගයේ ජාතික හෙද සමුළුව නමින් මහරගම නගරය පුරා දැවැන්ත පුවරු වල ජනපතිවරණයට ඉදිරිපත්වනවා යැයි කියනා අනුර කුමාර දිසානායක මහතාගේ සහ ජාතික ජන බලවේගයේ නායකයින්ගේ රුව සහිතව අදාල මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිය ගැන සඳහන්ව තිබුණා.

මැතිවරණ කොමිසම

ජාතික ජන බලවේගයේ ජාතික හෙද සමුළුවට සහභාගී වූ සියලු දෙනාට රාජකාරී නිවාඩු සහ තවත් වරප්‍රසාද ලබා දෙමින් M.L.M අන්වර් අලී අධ්‍යක්ෂ (පාලන) 1 වෙනුවට වෛද්‍ය අසේල ගුණවර්ධන අත්සනින් නිකුත් කල ලිපිය පහලින්

මැතිවරණ කොමිසම

මෙම බරපතල මැතිවරණ නීති කැඩීම හමුවේ නිද්‍රාශීලීව සිටිනා මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් ජනතාව මෙන්ම මාධ්‍යවේදීන්ද ඉතා උනන්දුවෙන් පසුවනවා. තත්වය එසේ පවතිද්දී ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයින් සමග සාදයකට සහභාගී වී සිටින මැතිවරණ කොමසාරිස් වරයාගේ ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය තුල සංසරණය වන්නේ ඡන්ද දායකයින් විමතියට පත් කරමිනි.

අදාල ඡායාරූපය පහතින්

මැතිවරණ කොමිසම

මැතිවරණ කොමිසම