උසස් පෙළ අස්සෙත් විදුලි කප්පාදුවක්

0
Power Cut Schedule - උසස් පෙළ අස්සෙත් විදුලි කප්පාදුවක්

අපොස උසස් පෙළ විභාගයේ ආරම්භ දිනය වන අද (23) පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් කරන බව විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාතයංශය සහ මහජන උපයෝගිතා කොමිසම ඊයේ(22) පස්වරුවේ නිවේදනය කළේය.

ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කිරීමට අවසර දුන් බවත් එම ආයතන තුනම සදඟන් කරයි.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළදී විදුලි කප්පාදු නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළ අතර එම කාලය තුළ විදුලිය නොකපන ලෙස විභාග දෙපාර්තමේන්තුව ද ලිඛිත ඉල්ලීමක් කර තිබේ.