අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු සජබ 10යක් ආණ්ඩුවට

0
SJB MPs - අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු සජබ 10යක් ආණ්ඩුවට

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූදානම් වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රිවරුන්ට ඇමැතිධුර හෝ රාජ්‍ය ඇමැතිධුර ලබාදීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රිවරු දස දෙනකු පමණ ආණ්ඩුවට එක් වීමට නියමිතය.

මේ වන විට කැබිනට් හා රාජ්‍ය ඇමැතිධුර දරන ඇතැම් මන්ත්‍රිවරුන්ගේ විෂය පථයන්ද වෙනස් කිරීමට සැලසුම් කර ඇත. කෙසේ වෙතත් ඇමැති සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක්ද පසුගිය සතියේ පවත්වා තිබේ. එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන​ ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන,

මහින්දානන් අලුත්ගමගේ හා නාමල් රාජපක්ෂ යන මන්ත්‍රිවරුන්ට ඇමැතිධුර ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාවය පලකර නැත.

පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී මුදල් ඇමැති ධුරය යළි අලි සබ්රි මන්ත්‍රිවරයාට ලබාදීමටද ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇත. අලි සබ්රි මන්ත්‍රිවරයා මේ වන විට විදේශ කටයුතු අමාත්‍යධුරයේ කටයුතු කරයි. විසි එක් වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයාට මුදල් අමාත්‍ය ධුරය හෙබවීමට නොහැකි වීම ඊට හේතුවයි.