සජබ තවත් ප්‍රබල නායකයකු කරණමක් ගහන්න යයි

0
Samagi Jana Balawegaya - සජබ තවත් ප්‍රබල නායකයකු කරණමක් ගහන්න යයි

සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රබල නායකයකු ඉතා ළඟදීම ආණ්ඩුවට සම්බන්ධවීමට සූදානමින් සිටින බව එම පක්ෂයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත.

මොහු පසුගිය රජයන් ගණනාවකම ඇමැති ධුර හෙබවූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකි.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂයේ නායකයන්ද දැනුවත්ව සිටින බව පවසන එම ආරංචි මාර්ග ආණ්ඩුවට යෑම සාර්ථක කර ගැනීමට සියලු සම්බන්ධීකරණ කටයුතු කරන්නේ ඒ දේශපාලනඥයාගේ පුත්‍රයා බවද සඳහන් කළේය.

මෙම හිටපු ඇමැතිවරයා සමගි ජන බලවේගය පක්ෂය මේ මොහොතේදී ආණ්ඩුව සමග ඒකාබද්ධ විය යුතු බවට කාලයක සිටම මත පළ කළ අයෙකි. ඔහු පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීම්වලදී පවා මෙම කාරණය දැඩිව පෙන්වා දී තිබූ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.