කැබිනට්ටුවෙන් යොහානිට ලැබුණු තෑග්ග

0
Gift from the Cabinet to Yohani - කැබිනට්ටුවෙන් යොහානිට ලැබුණු තෑග්ග

යොවුන් ගායන ශිල්පිනි යොහානිද සිල්වාට බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙන් පර්චස් දහයක පමණ ඉඩම් කැබැල්ලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවී ඇත.

ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශය අද(20) පැවති කැබිනට් රැස්වීමේදී අනුමත වූ බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළේය

බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවත පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් කොටසක් යොහානිට මෙලෙස පිරිනැමෙනු ඇත.

මැනිකේ මගේ හිතේ ගීතය ගායනා කරමින්, සිංහල ගීතයක් ජාත්‍යන්තරයට ගෙනයාම අගය කරමින්, ඇයට කරන උපහාරයක් වශයෙන් මෙම ඉඩම් කැබැල්ල පිරිනැමෙන බවද ඔහු සඳහන් කළේය.