සමගියට සහය පලකල පළා බබාලා ඉවතට. රෝසිටත් පුටුව අහිමිවන ලකුණු.

0

පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් පරිදි එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ මන්ත්‍රීධූරයන්හි අයිතිය එම පක්ෂයට බවත් සමගි ජන බලවේගයට සහය පලකල පළාත් පාලන මන්ත්‍රීන්ගේ මන්ත්‍රීධූරයන් අහෝසි කර එජාපයට රිසි මන්ත්‍රීන් පත්කර ගැනීමට අභිහාචනාධිකරනයෙන් තීන්දුවක් ලබා දී තිබේ.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපයෙන් ඉවත්ව වෙනත් පක්ෂයක් ගෙන මැතිවරණයට ඉදිරිපත්වූ වත්මන් විපක්ෂයට සහය දුන් පළාත් පාලන මන්ත්‍රීන් විසින් තම තමන්ගේ තනතුරු අහිමි නොකරන ලෙසත් එජාප සාමාජිකත්වයේ හිඳිමින් වෙනත් පක්ෂයකට සහයදීම වරදක් නොවන බව සඳහන් කරන්නයැයි ඉල්ලා අභියාචනාධිකරණයේ පෙත්සම් ගොනුකර තිබුනි. මෙම නඩු විභාගය අවසන්ව ඇති අතර එම නඩු තීන්දුව පිලිගන්නා බවට එජාපය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම තීන්දුවත් සමගින් සමගි ජනබලවේගයට සහය දැක්වූ බහුතර පළාත් පාලන මන්ත්‍රීධූරයින් ඉවත් කරන බවත් කොළඹ මහ නගර සභාවේ එම මන්ත්‍රීධූර ගනන 30 ඉක්මවා යන බවත් රෝසිත් ඉවත් වන ලයිස්තුවේ බවටත් පක්ෂ අභ්‍යන්තර ආරන්චි මාර්ග සනාත කර සිටී.

බොහෝ දෙනෙක් නඩු තීන්දුව ලද මොහොතේ සිට එජාප නායකයින් අමතමින් තම තමන්ගේ මන්ත්‍රීධූරයන් ආරක්ෂාකර දෙන ලෙසට ඉල්ලා සිටින බවද සිරිකොත ආරන්චි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

එජාපය නිකුත්කල මාධ්‍ය නිවේදනය පහලින්