විවේචන කළත් ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් නොයන බව විශ්වාසයි

0
Mahinda Rajapaksa Statement of SLFP in Government - විවේචන කළත් ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් නොයන බව විශ්වාසයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැමුන් ආණ්ඩුව විවේචනයට ලක් කරන නමුත් ආණ්ඩුව අතහැර යන බවට නිල වශයෙන් ඔවුන් කිසිදු දැනුම්දීමක් කර නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (05 දා) පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් මැති ඇමැතීන් ආණ්ඩුවට එරෙහිව විවිධ ප‍්‍රචාරයන් කිරීම සම්බන්ධයෙන් කළ විමසීමේදී අගමැතිවරයා මෙසේ කීය.

විවේචනය කිරීමේ අයිතිය සියලූ දෙනාට තිබෙන බවත්, එය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහසක් බවත් පැවසූ හෙතෙම මීට පෙර රටේ පැවති ආණ්ඩුවලට එක් වූ සුළු පක්‍ෂ අතරත් මේ ආකාරයට මත ගැටුම් ඇතිවීම සාමාන්‍ය සිද්ධි වූ බවත් කීය.

වත්මන් ආණ්ඩුවට එක් වූ සුළු පක්‍ෂ සමඟ ඇතිවන එවැනි මත ගැටුම් දෙස සමහරු ඉතා අසුබවාදී ලෙස බලන බව ද පැවසූ අගමැතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැමුන් විවේචන කළත්, ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වී රජය අපහසුතාවට පත් නොකරන බව තමාට විශ්වාස බව ද පැවසීය.