දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරණ ලැයිස්තුවේ හත් වැනි තැනට පැමිණෙයි

0
Dimuth Karunarathne Come Forward in Test Batting -දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරණ ලැයිස්තුවේ හත් වැනි තැනට පැමිණෙයි

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය මේ වෙනවිට පැවැත්වෙනවා.

එහි පළමු තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ ගෞරවාන්විත ලෙසින්.

පළමු තරගයේ පළමු ඉනිමේ සිට ම විශිෂ්ට දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සමත් වුණා.

එහි දී දිමුත් කරුණාරත්න පළමු තරගයේ පළමු ඉනිමේ දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 13 වැනි ශතකය වාර්තා කළේ, ශ්‍රී ලංකා ඉනිමට ප්‍රබල සවියක් වෙමින්.

දෙවැනි ඉනිමේ ද අර්ධ ශතකයක් ලබා ගත් දිමුත් කරුණාරත්න තරගයේ වීරයා සම්මානය ද සමඟින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා මෙහෙය වූවා.

දෙවැනි තරගයේ පළමු ඉනිමේ දී අර්ධ ශතකය පෙනි පෙනී ඔහු දැවී ගියේ, පිට පිට ඉනිම් අටක දී අර්ධ ශතක වාර්තා කළ ලොව අට වැනි පිතිකරුවා වීමේ වාර්තාව අහිමි කරගනිමින්.

කෙසේ වෙතත් ඊයේ (01) අන්තර්ජාතික ටෙස්ට් පිතිකරණ ලැයිස්තුව යාවත්කාලීන කර තිබුණු අතර, 11 වැනි ස්ථානයේ සිටි දිමුත් කරුණාරත්න, 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබුණා.

ඒ ශ්‍රේණිගත ලකුණු 772ක් ලබා ගනිමින්.

ශ්‍රේණිගත කිරීම්වල පිළිවෙළින් ජෝ රූට්, ස්ටීව් ස්මිත් හා කේන් විලියම්සන් පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකරගෙන තිබෙනවා.

ලැයිස්තුවේ හය වැනි ස්ථානයේ පසු වෙන ඉන්දීය නායක විරාට් කෝලි හා දිමුත් අතර පවතින්නේ, ප්‍රසාද ලකුණු 3ක වෙනසක්.

ඉදිරි තරගවලදීත් විශිෂ්ට දක්ෂතා දක්වා, පිතිකරණ ලැයිස්තුවේ ඉහළට ම පැමිණීමට දිමුත්ට හැකි වෙතැ යි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලින් නොතිත් ආශාවකින් බලා සිටිනවා.