ටෙස්ට් තරගාවලියෙන් පසුව නායකත්වයේ වෙනසක්

0

ටෙස්ට් තරගාවලියෙන් පසුව

තමන්ට මෙම ටෙස්ට් තරගාවලියෙන් පසුව නායකත්වයෙන් සමුගැනීමට අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව දැනුවත් කළ බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

ඊයේ පාකිස්තානයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිමුත් කරුණාරත්න මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න. 

“මම සමුගැනීම ගැන ඉල්ලීම කරාට පස්සේ නැවතත් තේරීම් කමිටුව මට කතාකරලා කිව්වා තව පොඩ්ඩක් ඇදගෙන යන්න කියලා. නමුත් මම ඒත් කියලා තියෙන්නේ මේ තරගාවලියෙන් පස්සේ නැවතත් ඒක සලකලා බලන්න කියලා. මොකද මම කැමතියි ගොඩක් වෙලාවට පිතිකරුවෙක් විදියට සම්පූර්ණ අවධානය දීලා මගේ ඉතිරි කාලය කණ්ඩායම වෙනුවෙන් දායකත්වය ලබාදෙන්න. මම දකිනවා ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඉන්නවා. මේ තැනට සුදුසු මේ තැන ගන්න පුළුවන් දැන් හොඳ තැනකට ඇවිල්ලා තියෙන ක්‍රීඩකයෝ. මට තනියෙන් ඒක තීරණය කරන්න බෑ තේරීම් කමිටුවත් එක්ක තමයි මම ගොඩාක් වෙලාවට කතාකරලා තීරණය කරන්නේ. මේ වෙලාවේත් මම කියලා තියෙනවා මේ ටෙස්ට් තරගාවලියෙන් පස්සේ, ආයෙමත් අපිට තියෙන්නේ ලබන අවුරුද්දේ පෙබරවාරිවල. ඉතින් ඒ වෙද්දී මාස ගානක් තියෙනවා. කණ්ඩායමට තව නායකයෙක් හදාගන්න. සමහරවිට එයාලා කැමති වුණොත් නව නායකත්වයකට මම කැමැත්තෙන් භාරදීලා පිතිකරුවෙක් විදියට ක්‍රීඩා කරන්න කැමතියි.”