සංවර්ධනය වෙනුවෙන් පා.මන්ත්‍රීවරයෙක්ට ලබාදෙන මුදල රු. මිලියන 5කින් වැඩි කෙරේ

0
සංවර්ධනය වෙනුවෙන් පා.මන්ත්‍රීවරයෙක්ට ලබාදෙන මුදල රු. මිලියන 5කින් වැඩි කෙරේ
ගම සමග පිළිසඳර ග්‍රාමීය වැඩසටහන වෙනුවෙන් ග්‍රාම සේවා වසමකටම ලක්ෂ 30 බැගින් වෙන්කරනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වෙනුවෙන් ලක්ෂ 40ක් වෙන්කරනවා. සැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකට ලබාදෙන සංවර්ධන වෙනුවෙන් ලබාදෙන මුදල රුපියල් මිලියන 5කින් වැඩි කරනවා. ඒ අනුව මිලියන 3375ක් සියලුම මන්ත්‍රිවරුන්ට ලබාදෙනවා.

නාගරික සහ ග්‍රාමීය නිවාස සංවර්ධනයට වෙන් කළ මුදල
නාගරික නිවාස සංවර්ධනය මිලියන 2000ක්, ග්‍රාමීය නිවාස සංවර්ධනය තවත් මිලියන 5000ක්, වතු ලයින් කාමර ඉවත් කිරිමට තවත් මිලියන 500ක් වෙන්කරනවා.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇති කිරීමට රු. මිලියන 5000ක්
ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇති කිරීමට රුපියල් මිලියන 5000ක් වෙන්කරනවා. යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ක්ෂේත්‍ර පහක්. සැමට පානිය ජලය සහතික කිරිමට රුපියල් මිලියන 33963ට අමතරව තවත් රුපියල් මිලියන 15000ක් වෙන් කරනවා. වාරි සෞභාග්‍යා වැඩසටහන 48237ට අමතරව තවත් රුපියල් මිලියන 20000ක් වෙන්කරනවා. මාර්ග සංවර්ධනයට වෙන්කළ මුදලට අමතරව 20000ක් වෙන්කරනවා. පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 500ක්.