දියර කිරි පරිභෝජනය වැඩි කිරීමට රු. මිලියන 1000ක්

0
දියර කිරි පරිභෝජනය වැඩි කිරීමට රු. මිලියන 1000ක්
මෙම වසරේදී කුකුල් මස් අපනයන කිරීමට අපිට හැකි වුණා. ඒත් කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් තවදුරටත් අපි වෙහෙසිය යුතු බව හැඟෙනවා. විශාල ධනස්කන්ධයක් කිරිපිටි ආනයනය සඳහා වැය කරනවා. ඒ නිසා කිරි නිෂ්පාදනය ඉහළ නංවා දියර කිරි පරිභෝජනය වැඩි කිරීම සඳහා දැනට විසර්ජන පනතින් වෙන්කොට ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 1000 ක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

වැවිලි, ධීවර, පශූ සම්පත්, දියරි කිරි, පාරම්පරික කර්මාන්ත හා බතික් සදහා මුදල් වෙන් කිරීම

වැවිලි කර්මාන්තය වෙනුවෙන් රුපියල් මිලියන 10000ක තවත් මුදලක් වෙන් කිරීමට කටයුතු කරනවා. ධිවර ක්ෂේත්‍රය වෙනුවෙන් තවත් මිලියන 1000ක මුදලක් වෙන්කරනවා. පශු සම්පත් ක්ෂේත්‍රය වෙනුවෙන් දියර කිරි පරිභෝජනය වැඩිකිරීමට තවත් මිලියන 1000ක් වෙන් කරනවා. පාරම්පරික කර්මාන්ත වෙනුවෙන් තවත් රුපියල් මිලියන 1000ක් වෙන්කරනවා. අත්යන්ත්‍ර හා බතික් රෙදි පිළි කර්මාන්තය සඳහා තවත් මිලියන 1000ක් වෙන්කරනවා.