ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවු තද වැසි

0
Today Weather Forecast - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවු තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයින පුරා අහස වලාකුලින් බරව පවතී බවය.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.