ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය

0
Sri lanka Squad for ICC T20 World Cup - ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය

එළඹෙන ඔක්තෝබර් මස ඇරඹෙන 20යි 20 ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

මේ වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විට රටවල් සිය සංචිත ප්‍රකාශයට පත් කරමින් සිටී.

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබෙන අතර උපනායකත්වයේ වගකීම පැවරී ඇත්තේ ධනංජය ද සිල්වාටය.

ශ්‍රී ලංකා සංචිතය පහතින් දැක්වේ.