
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ (4) රාත්‍රියේ අනතුරක් සිදුව තිබේ
තුවාල ලැබූවන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර 24 කනුව ආසන්නයෙන් බස්රථය මෙලෙස ප්‍රපාතයට පෙරළී ඇති අතර, එය මීටර 200ක් පමණ පහළට ගොස් ඇති බව සඳහන්.
ඇල්ලේ විනෝද චාරිකාවක් පැමිණි තංගල්ල නගර සභාවේ කාර්යය මණ්ඩලයේ පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇත.
ඔවුන් යළි තංගල්ල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
නිරීක්ෂණ කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් බීච් ක්‍රාෆ්ට් වර්ගයේ යානයක්

අනතුරේ නිරීක්ෂණ කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් බීච් ක්‍රාෆ්ට් වර්ගයේ යානයක් යොදාවා තිබේ.
රාත්‍රී කාලයේ මෙම අනතුර සිදු වූ හෙයින් මුදාගැනීමේ කටයුතු දැඩි ලෙස වෙහෙසකර වී තිබේ.
එහි පහසුව සඳහා මෙලෙස මෙම යානය යොදවා ඇති බව සඳහන්.
මේ වනවිට මුදාගැනීමේ කටයුතු සඳහා ත්‍රිවිද හමුදා සාමාජිකයන් රැසක් අනතුර සිදු වූ ස්ථානය වෙත පැමිණ තිබේ.
මියගිය සංඛ්‍යාව 10ක් දක්වා ඉහළට
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ (4) රාත්‍රියේ සිදු වූ අනතුරින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 10ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
තුවාල ලැබූ 15කට වැඩි පිරිසක් මේ වනවිටත් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, තුවාල ලැබූ පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය.