සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව එන්නේ මෙහෙමයි

0

සුපිරි 6 දෙනාගේ වටයේ

2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වීමටත් පෙරම සුපිරි 6 දෙනාගේ වටයේ සිය ස්ථාන තහවුරු කර ගැනීමට කණ්ඩායම් 6ක් සමත්ව තිබේ.

ඒ අනුව ඒ කාණ්ඩයෙන් එම වටයට සුදුසුකම් ලබා සිටින්නේ සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ නෙදර්ලන්තයයි.

බී කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය සුදුසුකම් ලබාගත්තේය.

සුපිරි 6 දෙනාගේ වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ නෙදර්ලන්තය සමග තරග වැදීමට නියමිතය.

එම තරග පැවැත්වෙන අයුරු පහතින්,

ජුනි 30 – ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය
ජුලි 02 – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ
ජුලි 07 – ශ්‍රී ලංකාව සහ බ.ඉ. කොදෙව්

2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගීවන අවසන් තරගය හෙට ස්කොට්ලන්තය සමඟ පැවැත්වෙයි.