ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

0
SL vs SA 3rd ODI - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

වසර 8කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලියක් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ දෙරට අතර පැවති තුන්වන එක්දින තරගය ලකුණු 78 කින් ජයගනිමින්.

කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවති තරගයේ කාසිය වාසිය දින දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ ශ්‍රී ලංකා ඉනිම කඩුලු 9 ක් දැවී ලකුණු 203කට සීමා වුණා.

මෙම තරගයේදීත් පිතිකරුවෙක් ලෙස සිය වගකීම මැනවින් ඉටු කළ චරිත් අසලංක ලකුණු 47ක් ලබා ගත්තා.

ධනංජය සිල්වා ලකුණු 31යි.

පන්දු යැවීමේදී කේශව් මහරාජ් ලකුණු 38ට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 29යි පන්දු 5කදී ලකුණු 125 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 78කින් තරගය ජයගත්තා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සිය මංගල තරගයට ක්‍රීඩා කළ මහේෂ් තීක්ෂණ ලකුණු 37කට කඩුලු 4 ක් දවා ගත්තා.

තමන් යැවූ පළමු පන්දුවෙන්ම මලාන් දවා ගත් තීක්ෂණ එවැනි දස්කමක් කළ සිව්වන ශ්‍රී ලාංකික පන්දුයවන්නා ලෙස වාර්තා පොත් අතරට එක් වුණා.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව ජයගත්තේ තරග 2-1ක් ලෙසින්

ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර එක්දින තරගාවලියක් ජයගත්තේ වසරකුත් මාස 7කට පසුවයි.

එමෙන්ම දකුණු අප්‍රිකාව⁣ට එරෙහිව තරගාවලියක් ජයගත්තේ වසර 8කට පසුව වීම විශේෂත්වයක්.

තරගයේ වීරයා ලෙස දුෂ්මන්ත චමීර සම්මාන ලබද්දී තරගාවලියේ වීරයා ලෙස චරිත් අසලංක සම්මානයට පාත්‍රා වුණා.