තෙමස් ගැබිණි තරුණිය බිළිඳු කළලය මල් පාත්තියේ වළ දමයි

0
Abortion Incident in Nuwaraeliya - තෙමස් ගැබිණි තරුණිය බිළිඳු කළලය මල් පාත්තියේ වළ දමයි
අවිවාහක තෙමස් ගැබිණියක් විසින් තම ගෙවත්තේ වළ දැමූ බව කියන බිළිඳු කළලයක් නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ගොඩගෙන තිබෙනවා.

මෙම කාන්තාව තම නිවසේ මල් පාත්තියක් තුල වළලා තිබියදීයි මෙම සිරුර සොයාගෙන ඇත්තේ.

26 හැවිරිදි අවිවාහක තරුණිය නීති විරෝධී ගබ්සාවකින් පසු ප්‍රතිකාර ලබාගැනීමට නුවරඑළිය මහ රෝහලට ඇතුලත් වී ඇති අතර එහිදී වෛද්‍යවරුන් කළ පරීක්ෂාවකදී සිද්ධිය පිළිබඳ අනාවරණ වී තිබෙනවා.

අනතුරුව වෛද්‍යවරුන් නුවරඑළිය පොලිසියට කළ දැනුම්දීමක් මත පොලිසිය සැකකාරියගේ නිවස පරීක්ෂා කිරීමේදී කළලය වළ දැමූ ස්ථානය හඳුනාගෙන ඇතැයි සඳහන්.

අනතුරුවයි එය මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ගොඩගෙන ඇත්තේ.

ප්‍රේම සම්බන්ධතාවක් මත මෙම තරුණිය ගැබ්ගෙන ඇති අතර අනතුරුව ගබ්සාවක් සිදුකර ඇතැයි මූලික විමර්ශණවලදී පොලිසිය හෙළිකරගෙන තිබෙනවා.

ගොඩ ගත් කළලය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙතට යොමු කරන ලෙසටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.

තරුණියගේ පෙම්වතා අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අදාළ තරුණිය මේවන විට නුවරඑළිය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.