යාබද නිවසකටවත් නොයන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලයි

0
Dr. Susie Perera Request - යාබද නිවසකටවත් නොයන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලයි
ලොක්ඩවුන් ක්‍රියාවලියේ නියම ප්‍රතිඵල ලබා ගැනීමට නම්, එය අකුරටම පිළිපැදිය යුතු බවත්, අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් පිටතට නොයන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය යළිත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

එහි මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය සඳහන් කළේ, ඩෙල්ටා ප්‍රභේදය අනෙක් කොරෝනා වෛරසවලට වඩා වේගයෙන් පැතිර යන බවය.

තම යාබද නිවසකට හෝ නොගොස් නිවසේම සිටින ලෙස ඇය ජනතාගෙන් සිටී.

ජනතාව එන්නත් ලබා ගැනීමට හෝ නිවසින් බැහැරව යන්නේ නම්, අවම වශයෙන් මීටර් 1ක් හෝ 2ක පරතරය තබාගෙන මුව ආවරණ පැළඳ සෞඛ්‍යාරක්ෂිතව සිටීම වැදගත් බව විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය අවධාරණය කළා ය.