මුහුණු පොතෙන් කළ තවත් අපරාධයක්

0
Facebook Crime in Embilipitiya - මුහුණු පොතෙන් කළ තවත් අපරාධයක්

කාන්තාවකගේ ඡායාරූප විකෘති කර ඇයගෙන් කප්පම් ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඇඹිලිපිටිය පොලිසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල කාන්තාවගේ ඡායාරූප මුහුණු පොත හරහා ලබාගෙන එම ඡායාරූප නිරුවත් ඡායාරූප ලෙස සකසා කප්පම් ලබා ගැනීමට සැකකරුවන් උත්සහ කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් සතුව තිබී පරිගණක යන්ත්‍ර දෙකක් සහ ජංගම දුරකථන දෙකක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා. මොවුන් පොළොන්නරුව සහ අංගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20 හා 23 වයස්වල පසුවන අය බවයි පොලිසිය සදහන් කළේ.

සැකකරුවන් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇඹිලිපිටිය පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.