රනිල් මංගලට ඊයේ සවස කිව්ව දේ – රනිල් ශෝකයෙන් කියන කතාව

0
Statement of Ranil Wickramasinghe about Mangala Samaraweera - රනිල් මංගලට ඊයේ සවස කිව්ව දේ - රනිල් ශෝකයෙන් කියන කතාව

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ.

මංගල සමරවීර අමාත්‍යවරයාට තමන් ඊයේ(23) සවස ද දුරකථන ඇමතුමක් ලබාදුන් බවත් ඔහු සුවය ලබා පැමිණීම මා අපේක්ෂාවෙන් සිටින බවත් තමන් එහිදී ඔහුට පැවසූ බව රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ ශෝක පණිවුඩය පහතින් දැක්වේ.

මංගල සමරවීරයන් ගේ අකල් වියෝව ජාතියක් වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයට ද පෞද්ගලිකව මට ද ඉමහත් පාඩුවකි. ඉකුත් දින දහවලේ දී ඔහුට දුරකථනයෙන් ඇමතූ අවස්ථාවේ දී මා පැවසුවේ ඔහු සුවය ලබා පැමිණීම මා අපේක්ෂාවෙන් සිටින බවයි. එහෙත් එය එසේ නොවී ය. කොරෝනා වෛරසය අද උදෑසන වන විට ඔහු ගේ ජීවිතය ද බිලි ගෙන තිබුණි.

මංගල වනාහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්වාසනීය ස්ථාවර අදහසක් දැරූ, සියළු දෙනාගේ ම නිදහස හා සමානාත්මතාවය මෙන්ම මානව අයිතිවාසිකම් වෙනුවෙන් ද පෙනී සිටි, කැපී පෙණුනු දේශපාලන චරිතයකි. එමෙන්ම රාමුවකට කොටු නොවී නවමු චින්තනයකින් කටයුතු කළ පුද්ගලයෙකි. මංගල අපේ සියලු ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටි විශිෂ්ට ගණයේ සන්නිවේදකයෙකි. 2015 සිට 2019 දක්වා පැවැති කැබිනට් මණ්ඩලය තුල විදේශ කටයුතු සහ මුදල් යන විෂයයන් ඉතා දක්ෂ ලෙස කළමනාකරණය කළ අමාත්‍යවරයෙකි.

“Fear no more the frown o’ the great;
Thou art past the tyrant’s stroke;
Care no more to clothe and eat;
To thee the reed is as the oak;
The sceptre, learning, physic, must
All follow this, and come to dust.” – William Shakespeare

රනිල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පක්ෂ නායක