නව සංචරණ මාර්ගෝපදේශ (සම්පූර්ණ විස්තරය)

0
Travel Guides - සංචරණ මාර්ගෝපදේශ

මේ මස 31 වනදා දක්වා අන්තර් පළාත් ගමනාගමනය සීමා කිරීම හා පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය නව සංචරණ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

අද (12) රාත්‍රී 11 සිට හෙට උදැසන 04 දක්වා සංචරණ සීමා දිවයින පුරා බලපැවැත්වෙන අතර හෙට (13) රාත්‍රී 11 ට ආරම්භවන සංචරණ සීමා මුලු දිවයිනටම බලපාන පරිදි සඳුදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇති. සඳුදා සිට 31 වැනිදා දක්වා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා සංචරණ සීමා මුලුදිවයිනටම බලපාන පරිදි බලපැවැත්වෙනු ඇති.

අවශ්‍යතා සඳහා නිවසින් බැහැර යාමට හැඳුනුම්පතේ අංකය අනුව පවුලකින් අක් අයෙකුට අවස්ථාව හිමිවන අතර ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව ඔත්තේ හෝ ඉරට්ටේ දිනයන්හි ඔවුන්ට එලෙස නිවසින් පිටව යා හැකියි.

එමෙන්ම, පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමේදී බස් හෝ දුම්රිය ආසන ධාරිතාව මගින් ප්‍රවාහනය කිරීමට අවසර ලැබෙන බවයි එමගින් නිවේදනය කළේ.

පෞද්ගලික කූලී රථ සේවා වන මෝටර් රථ සහ ත්‍රී රෝද රථ සඳහා උපරිම මගීන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමාවන අතර වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාවට සීමා වනවා.

කොවිඩ් වෛරසය ආසාදනය නොවූ මෘත දේහ රෝහලෙන් හෝ මරණ පරීක්ෂකවරයා විසින් මුදාහැර පැය 24ක් තුල අවසන් කටයුතු සිදු කළ යුතුයි.

ලබාදී ඇති උපදෙස්වලට අනුකූලව පැමිණෙන පුද්ගලයින් ප්‍රමාණය අවම කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් වරකට උපරිම පුද්ගලයන් 15කට සීමා කර අවසන් කටයුතු සිදුකළ යුතු වනවා. පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර හිමිවන්නේ නැහැ

නිවෙස්වල පැවැත්වෙන සුලු සාද ද ඇතුලුව උත්සව, සාද, එක්රැස්වීම් පැවැත්වීමට අවසර හිමි නොවන බවයි සංචරණ මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වන්නෙ.

සම්පූර්ණ සංචරණ මාර්ගෝපදේශ මාලාව

මාර්ගෝපදේශ සඳහා වෙබ් දිගුව : http://www.health.gov.lk/moh_final/english/article_read_more.php?id=938