මුහුණු ආවරණ නැති අය අත්අඩංගුවට ගන්න.. සියළු පොලිසිවලට දැනුම් දේ…

0
Without Facemask People will Arrest - මුහුණු ආවරණ නැති අය අත්අඩංගුවට ගන්න.. සියළු පොලිසිවලට දැනුම් දේ...
මෙරට සියළු පුද්ගලයන් මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය කර ඇති නිසා මුහුණු ආවරණ රහිතව සිටින අය වරෙන්තු රහිතව අත්අඩංගුවට ගන්නා බව පොලිසිය දැනුම් දෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ මෙම නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට සියළු පොලිසිවලට උපදෙස් දී ඇති බවයි.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 151ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.