පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තම වාහන වලින් හෝ පොදු ප්‍රවාහන සේවාවලින් ගමන් කරන අය එම වාහන වල ජනෙල් වීදුරු විවෘත කර වාතාශ්‍රය ඒ තුළට පැමිණෙන ආකාරයට සලස්වා ගමන් කිරීම ඉතා යෝග්‍ය බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
මෙම කොරෝනා වෛරස් ප්‍රභේදය ඉතා වේගයෙන් රට පුරා පැතිර යෑම නිසා පොදු ප්‍රවාහන හා වාහනවල ගමන් ගන්නා පිරිස් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීම ඉතා වැදගත් බවද ඔහු පෙන්වා දුන්නා.
“ඔබ පොදු ප්‍රවාහන හෝ තමන්ගේ වාහන වලින් ගමනක් යනවා නම් ඒ වාහනය තුළට වාතාශ්‍රය ලැබෙන පරිදි ජනෙල් වීදුරු විවෘත කරගෙන යනවා නම් හොඳයි. ඒ තුළින් වෛරසය පුද්ගලයන් අතරේ පැතිරීම වැලකෙනවා. ඒ වගේම ගමන ආරම්භයේ ඉඳලා අවසානය දක්වා මුව ආවරණ පැළඳගෙන ගමන් කිරීම ඉතා වැදගත්.” යැයි විශේෂඥ වෛද්‍ය වැඩිදුරටත් පෙන්වා දුන්නා.