සංචාරක රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට ශ්රී ලංකා පුරවැසි භාවය නැති බව අධිකරණය තීන්දු කලහොත් ඇයගේ ජාතික ලයිස්තු මන්ත්රී ධුරය ලබාගැනීම සඳහා කිහිප දෙනෙකු උත්සහ දරමින් සිටිතැයි වාර්තා වෙයි.
ඇය සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අතර ඇයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
දැනට ඉදිරිපත් වී ඇති සාක්ෂි මත බොහෝ දුරට ඇයගේ මන්ත්රී ධුරය අහෝසි වනු ඇතැයි විශ්වාසයෙන් එය ලබා ගැනීම සඳහා සමගි ජනබලවේගයේ ඉහල නායකයන් කිහිප දෙනෙකු අතර මෙසේ තරගයන් ඇතිව තිබෙන බව පැවසෙයි.