ඩයනා ගමගේ මාධ්‍ය වේදියෙකුට අසැබි වදනින් බැන වදින හඬ පටයක් ලීක් වෙයි

0

අසැබි වදනින් බැන

ඩයනා ගමගේ අමාත්‍යතුමිය විසින් මාධ්‍යවේදියෙක් දුරකතනයෙන් අමතා අසැබි වදනින් බැන වදින වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල වේගයෙන් සැරිසරනවා.

අදාල මාධ්‍යවේදියා වෙත දුරකතන ඇමතුමක් ලබා දෙන අමාත්‍යතුමියගේ නිලධාරියෙක් සමග මාධ්‍යවේදියා යම් කරුණු පැහැදිලිකිරීමක් කරන අතරතුර අමාත්‍යවරිය එම සංවාදය මැද්දට පැන අසැබි වදනින් අමතන අයුරු පහතින් දක්වා ඇති එම හඬපටයේ සඳහන්ව තිබෙනවා.

කෙසේ නමුත් එම අසභ්‍ය වචන සහිත හඬපටය අන්තර්ජාලයෙන් ඉවත්කර දෙන ලෙස ඉල්ලමින් ඩයනා ගමගේ අමාත්‍යතුමියගේ ලිපි ශීර්ෂය පරිගන්ක අපරාධ අංශයේ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක් කරමින් ඩයනා ගමගේ අමාත්‍යතුමියගේ මාධ්‍යලේකම්වරයා නිකුත්කල නිවේදනයක්ද ඒ සමගින්ම අන්තර්ජාලයේ දක්නට ලැබෙනවා.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක්ද හිමි ඩයනා ගමගේ අමාත්‍යවරිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීමට පවා නුසුදුසු බව පසුගියදා අධිකරණය හමුවේ විභාගවූ නඩුවකදීද කියැවුනා.

අමාත්‍යවරිය අසැබි වදනින් බැන වදින හඬ පටය

අමාත්‍යවරිය අසැබි වදනින් බැන වදින හඬ පටය ඉවත් කරන්න නියෝග කල ලිපිය

අසැබි වදනින් බැන