ඩයනා ගමගේට එරෙහි පෙත්සමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

0
ඩයනා ගමගේට එරෙහි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහි ව ගොනුකර ඇති පෙත්සම පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගන්නා ලෙස ඉල්ලමින් මෝසමක් ගොනුකර තිබේ.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අදාළ පෙත්සම ගොනුකර ඇත.

එම පෙත්සම ඉදිරිපත් කළ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම මෝසම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ මෙම පෙත්සමට අදාළව ඉකුත්දා බෙදුනු නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්වීම හේතුවෙන් අදාළ පෙත්සම යළිත් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ යළිත් විභාග කිරීමට අධිකරණය ඉකුත්දා තීන්දු කළ බවය.

ඒ අනුව අදාළ පෙත්සම ලබන සැප්තැම්බර් 14 වනදා විභාගයට ගැනීමට නියමිතව තිබෙන බව පෙත්සම්කරු සඳහන් කරයි.