පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවු තද වැසි

0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමස සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ සෙසු ප්‍රදේශවල සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40 – 50 පමණ දක්වා වැඩි වේ.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ඇති විය හැකිය.