ගල් කඩා මුදල් උපයා ‘උපතින්ම දෙපා ආබාධිත පුතණුවන් සරසවි පාමුලට ගෙනා‘ තාත්තා

0
A/L Passed Student - උපතින්ම දෙපා ආබාධිත

උපතින්ම දෙපා ආබාධිත දරුවෙක් පසුගියදා ප‍්‍රතිඵල නිකුත්වූ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සරසවි වරම් ලබා ගත් පුවතක් මාධ්‍ය වෙත වාර්තා වනවා.

රත්ගම, රත්න උදාගම පදිංචිව සිටින රන්දික විරාජ් නම් මෙම දරුවා තිදෙනකුගෙන් යුත් පවුලේ බාලයායි.

රන්දිකගේ පියා නිමල් ද සොයිසා මෙලෙස තම පුතණුවන් පිළිබඳව අදහස් දක්වනු ලැබුවා.

“උපතින්ම දෙපා හරියාකාරව නොවැඩුණු මගේ පුතා පහේ පන්තිය දක්වා ගියේ ගල්කෙමිනාව තිලක විද්‍යාලයට. පාසල ළඟම තිබුණු නිසා දිනපතාම අම්මාගේ කරපිටින් තමයි පුතා පාසලට ගියේ.

හයේ පන්තියෙන් පසුව පුතා රත්ගම දේවපතිරාජ ජාතික පාසලට ඇතුළත් කළා. ඊට පස්සේ ත‍්‍රීවීලරයකින් ගිහිල්ලා මගේ කරපිටින් තමයි පාසල් ගමන සිදු කළේ.

මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා.මේ දරුවන් ලොකු මහත් කළේ ගල් කැඩීම රැකියාවක් විදියට කරලා. දැන් මට අතපය වාරු නැහැ. මේ මගේ බාලම දරුවා. දරුවට හොඳට ඉගැන්වීම තමයි මගේ එකම බලාපොරොත්තුව වුණේ. මට ගොඩක් සතුටුයි.

විදුහල්පති කේ.සෑම් ද සිල්වා මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වා තිබුණා.

”මේ දරුවාගේ පියාගේ අසාමාන්‍ය කැපකිරීමක් තිබුණා. දරුවා ඉගෙන ගැනීමට පුදුම විදියට මහන්සි වුණා. ඒ කැපකිරීම ඇති හැකි දරුවන්ට හොඳ ආදර්ශයක්. අපි පාසලේ සියලූ‍ පහසුකම් ලබා දුන්නා. දරුවාගේ ආකල්ප, ගතිගුණ ඉතාම ඉහළයි. හැකි සෑම අවස්ථාවකම අතිරේක ඉගැන්වීම් ලබා දුන්නා. දරුවාගේ අනාගත ජයග‍්‍රහණ නිබඳව අපි ප‍්‍රාර්ථනා කරනවා. රන්දික විරාජ් දරුවා අපේ විද්‍යාලයට ලොකු ගෞරවයක් ලබා දුන්නා.

රන්දික විරාජ් සිසුවා තම ජයග්‍රහණය මෙලෙස විස්තර කරනු ලැබුවා.

”මගේ මේ ජයග‍්‍රහණයට සහෝදර යාලූ‍වන්ගෙන් ලැබුණු සහයෝගය විශාලයි. මට කොපමණ අඩුපාඩු තිබුණත් ඉගෙනීම හරියට කළා. ඉස්කෝලේ විදුහල්පති සර් ඇතුළු ආචාර්ය මණ්ඩලයම මාව තනි නොකර මට හැම සහයෝගයක්ම ලබා දුන්නා.

අතිරේක පන්තිවල රාජිත මෙන්ඩිස්, රොහාන් බණ්ඩාර, ජනක කුලතුංග, නිහාල් වීරසිංහ යන සර්ලා අය කිරීමක් නැතිව මට අධ්‍යාපනය ලබා දුන්නා. මගේ අනාගත බලාපොරොත්තුව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් වීම. කොපමණ කරදර බාධක තිබුණත් කැපවීම සහ අධිෂ්ඨානය තිබෙනවා නම් ඕනෑම ජයග‍්‍රණයක් ලබා ගන්න පුළුවන්.”